HNB වෙතින් පොළී නැතිව ණයක් ගන්න

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස දෙස් විදෙස් සම්මානයෙන් පිදුම් ලැබූ හැටන් නැෂනල් බැංකුව මෙවර අලුත් අවුරුද්දට තම පාරිභෝගිකයන්ට නොසිතු විරු අවුරුදු දීමනාවක් ලබා දීමට තීරණය කර ඇති බව දැනුම් දෙයි.

නිරන්තරයෙන් තම පාරිභෝගික අවශ්‍යතා පිලිබඳ සැලිකිලිමත් වන හැටන් නැෂනල් බැංකුව මෙම උත්සව සමය තුළ ඉතුරුම් තැන්පතු සිදුකරන පාරිභෝගිකයන්ට පොළී රහිත ණය මුදලක් දීමට තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රේල් මස පළමු වැනිදා සිට තිස් වනදා දක්වා හැටන් නැෂනල් බැංකුවේ ඉතිරි කරන සැමටම තම ඉතුරුම් මුදලෙන් අඩක් එසැනින් ලබා දෙන අතර එය ඉදිරි වසර පුරා එනම් මාස 12ක් තුළ පොලී රහිතව ගෙවීමේ අවස්ථාව ලබා දී ඇත.

 ඒ අනුව රුපියල් 50000 සිට රුපියල් 2000000 දක්වා ඉතුරු කරන සැමටම තම ඉතුරුම් මුදලෙන් අඩක් එවලේම බැංකුව මගින් ලබා දෙන අතර එය ඉදිරි මාස 12 තුළ තමාට හැකි පරිදි කිසිදු පොලියක් නොමැතිව ගෙවීමේ හැකියාව බැංකුව විසින් ලබා දී ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉතිරි කරන ගිණුමට අදාළව ලබා දෙන්නා වූ පොළියද කිසිදු වෙනසක් නොමැතිව ලබා දීමයි. උදාහරණයක් ලෙස යම් පාරිභෝගිකයකු රුපියල් ලක්ෂයක් තැන්පත් කරන්නේ නම් එවෙලේම ඔහුට හෝ ඇයට රුපියල් පනස්දාහක ණය මුදලක් පොළී රහිතව ලබා දෙන අතර තැන්පත් කරන ලක්ෂයට අදාළ පොළිය කිසිදු වෙනසක් නොමැතිව පාරිභෝගිකයාට ලැබෙනු ඇත. තවද මෙම ණය මුදල සඳහා කිසිදු ආකාරයක ගාස්තු අයකිරීමක් සිදු නොවේ.

Recommended For You

About the Author: Editor