
මැයි මස 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ඇෆ්ගනිස්ථාන සංචිතය ඊයේ (22) ප්‍රකාශයට පත් විය.
ඇෆ්ගන් කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක ‘ගුල්බාඩින් නයිබ්’ට හිමව ඇත. 28 වන වියේ පසුවන නයිබ් මේ දක්වා ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 52කට ක්‍රීඩා කර ඇති අතර ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 807ක් වන අතර දවාගත් කඩුළු සංඛ්‍යාව 40කි.
ඇෆ්ගනිස්ථානය මුහුණ දෙන පළමු තරගය ලෙස ජූනි මස 01 වැනිදා ඕස්ටේ්රලියාවට එරෙහිව තරග වඳිනු ඇත.