

පසුගිය පාස්කු ඉරිදා උදෑසන මීගමුව කටුවාපිටිය කතෝලික දේවස්ථානයේ දී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් මියගිය පුද්ගලයින් පිරිසකගේ ආදාහන කටයුතු අද උදෑසන සිදුවිය.
අවසන් කටයුතුවලට අදාළ විශේෂ යාඥා මෙහෙය කොළඹ අගරදගුර අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් කටුවාපිටිය දේවස්ථානය අසලදී සිදු විය.
මෙම අවස්ථාව අති විශාල පිරිසක් පැමිණ සිටි අතර විශේෂ යාඥා මෙහෙයෙන් පසු මළ සිරුරු එකම ස්ථානයකදී මිහිදන් කරන ලදි.

කටුවාපිටිය දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් මිය ගිය තවත් පිරිසකගේ අවසන් කටයුතු අද සවස සිදු කිරීමට ද නියමිතව තිබේ.