මාර්තු මාසයේදී උද්ධමනය ඉහළට

පසුගිය මාර්තු මාසයේදී උද්ධමනය ඉහළ ගිය බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් අද (23) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේ සියයට 2.4ක අගයක පැවැති උද්ධමනය මාර්තු මාසයේදී සියයට 2.9 දක්වා ඉහළ ගොස් ඇතැයි එම පුවත්පත් නිවේදනයේ සඳහන් වේ.

මෙහි වැඩි දුරටත් සඳහන් වන්නේ පසුගිය මාර්තු මාසයේදී සහල්, පොල් සහ එළවළු මිල ගණන් පහළ යාම හේතු කොට ගෙන ‘‘ආහාර කාණ්ඩයෙහි’’ අයිතමවල සිදු වූ පහළ යාම ජාතික පාරිභෝගික මිල දර්ශකය සියයට 0.2කින් පහළ යාමට හේතු වූ බවයි. කෙසේ වුව ද ආහාර නොවන කාණ්ඩයෙහි මද්‍යසාර පාන වර්ග, දුම්කොළ, ප‍්‍රවාහන (පෙට‍්‍රල් සහ ඞීසල්) රෙදිපිළි හා පාවහන්, විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් පසුගිය මාසය තුළ ඉහළ ගිය බවයි.

Recommended For You

About the Author: Editor