ඉන්දීය මැතිවරණයේ තීරණාත්මක වටය ඇරඹේ

ඉන්දීය මහ මැතිවරණයේ විශාලතම අදියර ලෙස සැලකෙන ආසන 117ක් සඳහා මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීමට මිලියන 180ක් ඡුන්දය භාවිත කරන තෙවන අදියර ඊයේ (23) ආරම්භ විය.

තෙවන අදියරේදී ප‍්‍රාන්ත 13ක මැතිවරණය පැවැත්වෙන අතර අගමැති නරේන්ද්‍ර මෝදි තරග වඳින උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තය සහ මෝදිගේ උපන්බිම වන ගුජරාටය ද වෙයි.

ඊයේ මෝදි තම ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අහමෙදාබාද්හි ඡන්ද මධ්‍යස්ථානයට යාමට පෙර තම මව හමුවී ඇයගේ ආශිර්වාදය ලබා ගත් බවත් මෝදිගේ ආධාරකරුවන් තම නායකයා ඡන්ද පොළට රැුගෙන යාම උත්සවාකාරයෙන් සිදු කළ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහිදී විවෘත මෝටර් රථයක නැගි මෝදි තම ආධාරකරුවන්ට ආචාර කරමින් ගමන් කර ඇත. මේ අතර ඉන්දීය මාධ්‍යවේදීන් ද ඡන්ද පොළට යන මෝදි වෙත ගොස් වත්මන් තත්ත්වය ගැන ප‍්‍රශ්න කර තිබේ.

එහිදී මෝදි පවසා ඇත්තේ තමා විශ්වාස කරන්නේ බලවත්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදි අවිය වන ඡන්ද බලය ගැන පමණක් බවයි.

Recommended For You

About the Author: Editor