
රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි කි්රයාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති ගරු මෛතී්රපාල සිරිසේන මැතිතුමා විසින් හෙට (25) කැඳවා තිබේ.
හෙට පෙ.ව 10.00 ට ජනාධිපති කාර්යාලයේ දී මෙම සමුළුව පැවැත්වෙයි.
මේ අතර සර්ව ආගමික කමිටුව ද ජනාධිපති ගරු මෛතී්රපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් හෙට ප.ව 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිතය.