පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සැක 60ක් අත්අඩංගුවේ – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

පාස්කු ඉරිදා ප‍්‍රහාර සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පැවැත්වෙන පරීක්ෂණ සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදුවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.

මෙහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා වැඩි දුරටත් පවසා සිටියේ මෙම පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය ඇතුළු තවත් අංශ ගණනාවක ද සහාය හිමිව ඇති බවයි.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් 32 දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ද තවත් 04 දෙනකු වැඩි දුර විමර්ශන සඳහා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ ද සිටින බව කී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පරීක්ෂණ සාර්ථකව සිදු වෙමින් පවතින බව ද සඳහන් කළා.

මෙහිදී ජනතාව වෙත කරුණු දැක්වීමක් කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ තම වාහන අපරීක්ෂාකාරී ලෙස තැන තැන නතර කරයාමෙන් වළකින ලෙසයි. යම් ආකාරයකින් එවැනි පියවරක් ගැනීමට සිදු වුවහොත් තමාගේ දුරකථන අංකය වාහනයේ පැහැදිලිව පෙනෙන ලෙස ප‍්‍රදර්ශනය කර තබා යන ලෙස ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

Recommended For You

About the Author: Editor