
අද (24) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
මේ සඳහා රුපියල් මිලියන 64,182ක ලංසු ප්‍රමාණයක් ලැබී ඇති අතර පිළිගත් ලංසු ප්‍රමාණය රුපියල් මිලියන 25,000කි. මෙම වෙන්දේසියේදී බරතබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකය පසුගිය වෙන්දේසියට වඩා අඩු ප්‍රතිශතයක් ගත් බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.