‘විජය ප්‍රඩක්ට්ස්’ ජනතා සම්මානයට

එදා ලොවක් රසවත් කළ හෙළයේ කුළුබඩු රසයට නැවත පණදුන් දෙස් විදෙස් ජනතා විශ්වාසය දිනාගත් අභිමානවත් දේශීය නිපැයුමක් වන ‘විජය ප්‍රඩක්ට්ස්’ පසුගියදා විශිෂ්ඨත්වය උදෙසා නැවතත් ජනතා ගෞරව සම්මානයට පාත්‍රවිය.

ඒ පසුගියදා පැවැති SLIM Nielsen ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 4 වන වරටත් (2016, 2017, 2018 සහ 2019) ‘වසරේ ජනතාවගේ ආහාර වෙළෙඳ නාමය’ Peoples’ food brand of the year සහ අඛණ්ඩව 2 වන වරටත් (2018 සහ 2019) ‘වසරේ තාරුණ්‍යයේ ආහාර වෙළෙඳ නාමය’ Peoples’ youth choice food brand of the year) යන සම්මාන ද්විත්වයටම හිමිකම් කියමිනි.

ජාතික අලෙවිකරණ ආයතනය SLIM සහ ලොව ප්‍රමුඛ ජාත්‍යන්තර සමීක්‍ෂණ ආයතනයක් වන Nielsen සමාගම එක්ව, මෙරට පාරිභෝගික ජනතාවගේ තේරීම රට පුරා සමීක්‍ෂණයට ලක්කරමින්ජනතා මතය ජූරිය බවට පත්කොට SLIM Nielsen ජනතා සම්මාන උළෙල පවත්වනු ලබයි. එහිදී ‘විජය ප්‍රඩක්ට්ස් විසින් හිමිකරගනු ලැබූ මෙම සම්මාන ද්විත්වය, ඔවුන්ගේ නිෂ්පාදනයන්ගේ උසස් ප්‍රමිතිය,රස හා යහගුණය පිළිබඳ දිනාගත් අචල පාරිභෝගික විශ්වාසය ලොවට හඬගා කියන ජාතික මට්ටමේ විශිෂ්ටතම ඇගයුමකි. කුළුබඩු නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් ආහාරපාන නිපැයුම් රැසක් දැයට දායාද කරන ‘විජය ප්‍රඩක්ට්ස්’, කුළු බඩු, ආහාරමය පිටි වර්ග, පිටි ආශ්‍රිත නිෂ්පාදන සහ තේ හා කෝපි යන කාණ්ඩ 4 ඔස්සේ රසයත්, ගුණයත්, පෝෂණයත් එකසේ රට පුරා බෙදාහැරීමෙන් ලද ජනතා ප්‍රතිචාරය මෙසේ SLIM Nielsenසම්මාන බවට පත්විය.

Recommended For You

About the Author: Editor