
අද (24) උදෑසන 09.30ට පමණ වැල්ලවත්ත පොලිස් වසමේ සැවෝයි සිනමා ශාලාව අසල නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පරීක්ෂා කර ඇත.
යතුරු පැදියේ ෂීට් එක ගැළවීමට අපහසු වී ඇති බැවින් එහි පිපිරීමක් සිදුකර ෂීට් එක ගළවා එය පරීක්ෂා කර බලා ඇත. ඒම යතුරු පැදියේ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් තිබී නොමැති බව පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.