
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය සුපිරි නළු අක්ෂේ කුමාර් අතර විශේෂ සම්මුඛ සාකච්ඡවක් අද පැවැත් වුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මහ මැතිවරණ උණුසුම මධ්‍යයේ පැවැති දේශපාලනයෙන් තොර මෙම සම්මුඛ සාකච්ඡවේදී අගමැති මෝදිගේ පුද්ගලික ජීවිතයේ සුවිශේෂ සිදුවීම් සහ රුචි අරුචිකම් ද අනාවරණය වූ බව ඉන්දීය මාධ්‍ය කියනවා.
මෙහිදී මෝදි පැවසූ වැදගත් කරුණක් ගැන මේ වන විට ඉන්දීයානුවන්ගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. ඒ බංග්ලාදේශයේ වත්මන් අගමැතිනිය තම හොඳම මිතුරියක් වන ප්‍රකාශයයි.