ඉරානයේ බොරතෙල් අපනයනට එරෙහි සම්බාධක මැයි 02 දා සිට

මැයි 02 වැනිදා සිට නැවත වරක් බොර තෙල් මිල ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි ආර්ථික විශේෂඥයෝ සඳහන් කරති. ඒ ඉරානයෙන් බොරතෙල් ආනයනය කරන රටවලට එරෙහිව අමෙරිකා එක්සත් ජනපද විසින් දෙන ලද සම්බාධක ලිහිල් කිරීමේ කාලය මැයි 02 වැනි දින අවසන් වන හෙයිනි.

විදේශ වාර්තා අනුව මැයි 02 වැනිදා සිට යළිත් ඉරානයේ බොරතෙල් අපනයනය කටයුතුවලට එරෙහිව ඇමෙරිකානු සම්බාධක ක‍්‍රියාත්මක වන ඇති අතර එය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමට ඍජු හේතුවක් වනු ඇත.

ඉරානයේ න්‍යෂ්ථික වැඩපිළිවෙළ නතර කිරීමේ මූලෝපායික පියවරක් වශයෙන් එරට බොරතෙල් අපනයට එරෙහිව ඇමෙරිකාව විසින් 2019 ජනවාරි මුලදී සම්බාධක පනවන ලද අතර චීනය ඇතුළු රටවලින් ඉදිරිපත් වූ දැඩි ඉල්ලීම් හමුවේ තවත් මාස 06ක සහන කාලයක් ලබාදීමට ඇමෙරිකාව පියවර ගත්තේය.

2018 වසරේ අග භාගයේ සිට ක‍්‍රමයෙන් ඉහළ යමින් පැවැති බොරතෙල් මිල මේ තීරණය හේතුවෙන් යම් පාලනයකට ලක්විය.

ඉරානයෙන් බොරතෙල් මිලදී ගන්නා රටවලට ලබා දෙන ලද සම්බාධක ලිහිල් කිරීමේ කාලය මැයි 02 දා යින් අවසන් වීම ගැන නිවේදනයක් නිකුත් කර ඇති ධවල මන්දිරය පවසා ඇත්තේ චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, තායිවානය, ඉතාලිය, ග‍්‍රීසිය සහ තුර්කිය යන රටවලට මෙම සම්බාධක පැනවීම සිදුවන බවයි.

මේ සම්බාධක පැනවීම ගැන අදහස් පළ කරන ආර්ථික විශේඥයින්ගේ අදහස වන්නේ ඉරානයේ බොරතෙල් අපයනයට සම්පූර්ණයෙන් නතර කිරීම ඇමෙරිකානු සම්බාධකවල ප‍්‍රමුඛ අරමුණ බවයි. එහෙත් තම රටට එරෙහිව පනවා ඇති ඇමෙරිකානු දැඩිව විවේචනය කරන ඉරානය පෙන්වා දෙන්නේ බොරතෙල් අපනයටෙ එරෙහිව සම්බාධක පැනවීමට තරම් පිළිගත හැකි කිසිඳු හේතුවක් ඇමෙරිකානු ආණ්ඩුවෙන් ඉදිරිපත්ව නැති බවයි.

මේ අතර ඉරානයේ බොරතෙල් අපනයනය සීමා කිරීම සමග ලෝක වෙළෙඳපොළ තුළ ඇතිවිය හැකි නිෂ්පාදනය අඩුවීම හා ඊට සමගාමීව මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා තම නිෂ්පාදන පුළුල් කරන මෙන් ඇමෙරිකාව විසින් සෞදි අරාබියෙන් ඉල්ලා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Recommended For You

About the Author: Editor