ඉරාන බොරතෙල් සම්බාධක හමුවේ ශ‍්‍රී ලංකාවට දැඩි පීඩනයක්

ඉරානයෙන් බොරතෙල් මිලදී ගන්නා රටවලට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද සම්බාධක ලිහිල් කිරීම මැයි 02 වැනිදා අවසන් වීම සමග, යළි එම සම්බාධක ක‍්‍රියාත්මක වීම සිදු වුවහොත් ශ‍්‍රී ලංකාව දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ සඳහන් කරති.


ඇමෙරිකාවේ මෙම තීරණය හමුවේ ශ‍්‍රී ලංකාව දැඩි ආර්ථින හා සමාජ අර්බුදයකට ලක්වනු ඇති බව මෙරට ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි. ඒ ලංකාව බොරතෙල් මිලදී ගන්නා ප‍්‍රධාන රට ඉරානය වීම සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන්නේ ද ඉරානය වීම නිසාය.

ශ‍්‍රී ලංකාවේ ඇති එකම බොරතෙල් පිරිපහසුව වන සපුගස්කන්ද පිරිපහසුවේ පිරිපහදු කළ හැකි එකම බොරතෙල් විශේෂය වන්නේ ඉරාන බොර තෙල් පමණක් වීම නිසා ඉරානයේ බොරතෙල් අපනයනය බිඳ වැටීම ශ‍්‍රී ලංකාවේ ඛනිජ තෙල් නිෂ්පාදනය සඳහා ඍජු බලපෑමක් කරනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. ඊට හේතුව වන්නේ පිරිපහසු කළ ඉන්ධන සිංගප්පූරුවෙන් මිලදී ගැනීමට සිදුවීමත්, එය සාමාන්‍යයෙන් ‘‘කලූකඩ වෙළෙඳපොළක්’’ වශයෙන් සැලකීමත්ය.
මේ සමග ශ‍්‍ර‍්‍රී ලංකාවේ තේ අපනයනයට ද ඉරානයට පනවා ඇති සම්බාධක දැඩි බලපෑමක් කරනු ඇති අතර පාස්කු ඉරිදා ප‍්‍රහාර හමුවේ දුර්වල වෙමින් පවතින මෙ රට ආර්ථිකයට මේ සියලූ ඍණාත්මකතා දැඩි සේ පීඩනයක් එල්ල කරනු ඇත.

Recommended For You

About the Author: Editor