
ව්‍යවස්ථා සභාව හෙට පෙ.ව 10.00ට එහි සභාපති කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙන බව කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
කතානායක කාර්යලය සඳහන් කරන්නේ නව අගවිනිසුරුවරයා සහ විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇති බවයි. මේ අතර වාර්තා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ පත් කිරීම් දෙක සම්බන්ධයෙන් සිය නිර්දේශ ලබාදී නොමැති බවයි.