පුටින්-කිම් ජොන්ග්-අන් ඓතිහාසික හමුව අද

උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් හමුවීම සඳහා ඊයේ රුසියාව බලා පිටත්ව ගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. උතුරු කොරියානු නායකයා සහ රුසියානු නායකයා හමුවන ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර මේ මංගල ගමන සඳහා උතුරු කොරියානු නායකයා සුපුරුදු පරිදි තම අධි ආරක්ෂිත දුම්රිය ම යොදා ගෙන ඇත.

උතුරු කොරියානු නායකයාගේ රුසියානු සංචාරය සම්බන්ධයෙන් නිවේදනය නිකුත් කරමින් ක්‍රෙම්ලීනය වාර්තා කරන්නේ මෙම හමුව ව්ලඩිවොස්ටොක් ආසන්නයේ දී අද (25) පැවැත්වෙන බවයි. මෙහිදී කොරියානු කලාපය තුළ න්‍යෂ්ටික ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් ය.  උතුරු කොරියානු නායකයා ගේ මෙම ප්‍රවේශය ඔහුට අවාසි සහගත බව දේශපාලන විද්වතුන්ගේ මතය වී තිබේ. ඔහු මෙම සංචාරය ආරම්භ කරන්නේ අමෙරිකාව සමග පැවැති අවසාන සාකච්ඡා බිඳ වැටීමෙන් පසුය.  ඊට පෙර අමෙරිකානු ජනාධිපති සමග මෙන්ම දකුණු කොරියානු ජනාධිපති සමග ද කිම් ජොන්ග්-අන් සාකච්ඡා පවත්වනු ලැබීය. එම සාකච්ඡා යම් මට්ටමක සාර්ථකත්වයක් පෙන්නුම් කළ ද වියට්නාමයේ පැවැති කිම්-ට්‍රම්ප් දෙවැනි හමුව අවසන් වූයේ කිසිදු එකඟතාවයකින් තොරවය. කිම් ගේ රුසියානු සංචාරය ආරම්භ වන්නේ මෙවන් වාතාවරණයක් යටතේය. 

Recommended For You

About the Author: Editor