
23 වන ආසියානු ක්‍රීඩා තරඟාවලියේ කාන්තා තුන්පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා සෙබළ එච්.ඩි.වී. ලක්ෂානි පසුගිය ඉරිදා (21) දින සමත්විය.
රටවල් 50 කට වැඩි සංඛ්‍යාවක සහභාගිත්වයෙන් මෙම තරඟාවලිය අප්‍රේල් 21 දින සිට අප්‍රේල් 24 දින දක්වා පැවැත්වු අතර එහිදි කාන්තා සෙබළ එච්.ඩි.වී. ලක්ෂානි මීටර් 13.53 ක දුරක් පැන කාන්තා තුන්පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගැනීමට සමත්විය.