

ජනතාවගේ ආරක්ෂාව සහ වත්මන් ආරක්ෂක තත්ත්වය ගැන සලසා සම්පූර්ණයෙන් මුහුණ වැසෙන බුර්කාව ඇඳීමෙන් වළකින ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සංවිධානය ඇතුළු ඉස්ලාම් ආගමික සංවිධාන, බුද්ධිමතුන් සහ ඉස්ලාම් දේශපාලනඥයින් විසින් මුස්ලීම් කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
මේ අතර සිංහල බෞද්ධ සමාජය තුළ මෙන්ම දේශපාලනඥයින් අතර ද මුස්ලීම් කාන්තාවන් විසින්බුර්කාව ඇඳීම පිළිබඳව දැඩි විරෝධයක් සහ විවේචනයක් වර්ධනය වෙමින් පවතී.