
අද අප රට තුළ පවත්නා වූ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන සියලූ දෙනාගේ ආරක්ෂාව සඳහා හෙට සිකුරාදා දිනයේ (26) පවත්වන සාමූහික ජුම්මා යාඥාව පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස, තැපැල් හා මුස්ලීම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා සියලූ ම ඉස්ලාම් භක්තිකයින්ගෙන් ඉල්ලා සිටී.
ඇමැතිවරයා විසින් අද දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.