අගවිනිසුරු ලෙස ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය ද විගණකාධිපති ලෙස චූලන්ත වික‍්‍රමරත්න ද ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කරයි

අගවිනිසුරු ධූරය සහ විගණකාධිපති ධූරය සඳහා ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කරන ලද නිර්දේශයන් සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි වූ බව කතානායක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව, අගවිනිසුරු ධූරය සඳහා නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතා ද, විගණකාධිපති ධූරය සඳහා, අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කළ චූලන්ත වික‍්‍රමරත්න මහතාගේ ද නම් ව්‍යවස්ථා සභාව විසින් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත දැන්වා යැවෙනු ඇතැයි ද කතානායක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

අද උදෑසන කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව රැස් වූ විට මෙම තීරණය ගෙන ඇත.

Recommended For You

About the Author: Editor