
ISත්‍රස්ත කි‍්‍රයාකාරිත්වය ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන් නවතා දැමීමේ ශක්තිය මෙරට ආරක්ෂක අංශ සතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සම
ග අද (26) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති හමුවක දී ය.
විද්‍යුත් මාධ්‍ය අධ්යක්ෂවරු, පුවත්පත් කතුවරු, විදේශ මාධ්‍යවේදින් ඇතුළු මාධ්‍යවේදින් විශාල පිරිසක් මීට එක්ව සිටියහ. ඔවුන් ඇමතූ ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා රට තුළ මතු වූ මෙම අනපේක්ෂිත තත්ත්වය සහ ඒ හමුවේ රජය ගත් කඩිනම් පියවර පිළිබ
ද කරුණු පැහැදිළි කළේ ය.
එහිදී ජනාධිපති අවධාරණය කළේ මේ පිළිබද වගකීමෙන් නිදහස් වීමට සූදානම් නොමැති බවයි. මෙම ත්‍රස්තවාදී මර්දන වැඩපිළිවෙළේ දී කිසිදු විදේශීය හමුදාවක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට තමා සූදානම් නොමැති අතර, ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව ද ජනාධිපති ස
දහන් කළේය.
පොලීසිය, විශේෂ කාර්ය බලකාය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ ති‍්‍රවිධ හමුදාව ඉතා සාර්ථක ලෙස මෙම මෙහෙයුම් දියත් කර තිබෙන අතර විමර්ශන කටයුතු සදහා සහයවීමට IS ත්‍රස්ත ව්‍යාපාරය පිළිබ
ද අත්දැකීම් ඇති ලොව ප්‍රබල රටවල විශේෂඥ කණ්ඩායම් කිහිපයක් දිවයිනට පැමිණ සිටින බවත්, ඔවුන් අපගේ ආරක්ෂක හමුදාවන් සමග ඒකාබද්ධව මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවත් ජනාධිපතිතුමා ස
දහන් කළේය. එමෙන් ම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ලැබී ඇති ආරක්ෂක තොරතුරු අනුව මෙම ත්‍රස්ත ව්‍යාපාරයට සම්බන්ධවුවන් ශ්‍රී ලංකාවේ සිටින්නේ 130ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් ඔවුන්ගෙන් 70ක පමණ පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ය.
අන්තර්ජාතික ත්‍රස්තවාදය සහ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අතර ඇති බැදීම ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩැලීමට ශී‍්‍ර ලංකාව මේ වන විට ගෙන යන ප්‍රබල සටන ද ඇතැම්විට මීට ඉවහල් වූවා විය හැකි බවයි. කෙසේ වෙතත් රට තුළ මතු වූ මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ සියලූ පාර්ශ්වයන් වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පැහැදිළි කළ ජනාධිපතිතුමා රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැ
ගීමේ කටයුත්තේ දී වගකීමෙන් මාධ්‍ය හසුරවන ලෙස ද සියලූ මාධ්‍යවේදින්ගෙන් ඉල්ලා සිටියේය.
එමෙන් ම ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීම කිසිසේත් සිදු නොවිය යුතු බවයි. ඉතා සු`ථ පිරිසක් විසින් සිදුකරන ලද මෙම ඛේදවාචකය පිළිකුල් කි්රයාවක් ලෙස හෙළා දකිනවා සේම රටේ මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කරගත යුතු බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ය.