
පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් පාසල් ආරම්භ කිරීම තවත් සතියකින් කල් දමා තිබේ. ඒ අනුව දෙවැනි පාසල් වාරය මැයි මස 06 සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
අද රැස් වූ ආරක්ෂක මණ්ඩල රැුස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ. මේ අතර විශ්වවිද්‍යාල යළි විවෘත කරන දිනය මැයි 06 වැනිදා බව සඳහන් වේ.
මුලින්ම පසුගිය 22 දා පාසල්වාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් පසුව එය එළැඹෙන 29 දා ආරම්භ කිරිමට තීරණය කෙරණි. කෙසේ වෙතත් නැවතත් එය මැයි මස 6 දා තෙක් කල් දමා තිබේ.