IS ත‍්‍රස්ත සංවිධාන තහනම් කිරීමට ප‍්‍රමාණවත් නීති නෑ – ජනපති මාධ්‍ය ප‍්‍රධානීන්ට කියයි

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදී සංවිධාන තහනම් කිරීම සඳහා දැනට පවතින නීති ප‍්‍රමාණවත් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දී ජනමාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවේදී පවසා ඇතැයි වාර්තා වේ.

මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඕස්ටේ‍්‍රලියාව මේ සබන්ධයෙන් අනුගමනය කළ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවත්ය.

ආරක්ෂක අංශවල කරන බවට අවධාරණය කළ ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව අදහස් දක්වා ඇති ජනපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා අද දිනය තුළ පත් කරන බව ද ඒ සමග කඩිනමින් ආරක්ෂක අංශවල පූර්ණ ප‍්‍රතිසංස්කරණයක් කරන බව ද පවසා ඇත.

පාස්කු ඉරිදා ප‍්‍රහාරවල වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බව ද මෙහිදී ජනපතිවරයා පැවසූ බව වාර්තා වේ.

මේ අතර වාර්තා වන්නේ ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා අගමැතිවරයා සහභාගී කරවා නොගැනීම ආදිය මතභේදකාරී ප‍්‍රශ්න රැසකට ජනපතිවරයා විසින් නිසි පිළිතුරක් නොදී ඒ මග හැර ගිය බවයි.

Recommended For You

About the Author: Editor