
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 අප්‍රේල් මස 27 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) පෙ.ව. 05.30 වන විට පොතුවිල් සිට ගිනිකොණ දෙසින් කි.මී 730 පමණ දුරින් උතුරු අක්ෂාංශ 4.5 ත් නැගෙනහිර දේශාංශ 88.0 ත් ආසන්නව ස්ථානගතව පවතී.
මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුල දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී පසුව ඊළඟ පැය 24 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යයි බලාපොරොත්තු වේ. මෙම පද්ධතියශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයෙන් වයඹ දෙසට ගමන් කර අප්‍රේල් මස 30 වන විට උතුරු තමිල්නාඩු වෙරල වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.
බස්නාහිර, දකුණු, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇතිවේ. සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමු කරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.