
කොම්පඤ්ඤවීදිය ප්රදේශයේ දේවස්ථානයක තිබී තියුණු ආයුධ තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රී නූර්දීන් මොහොමඩ් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ 26 කළ සෝදිසි මෙහෙයුමකදී කොම්පඤ්ඤවීදිය ප්රදේශයේ දේවස්ථානයක තිබියදී කඩු 46 ක්, කිනිසි 15 ක් සහ යුද හමුදා නිල ඇඳුම් 25 ක් පොලීසිය භාරයට ගත්තේ ය.
පොලීසිය පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.