ක‍්‍රිකට් ලෝක කුසලානට යන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලයි

ක‍්‍රිකට් ලෝකු කුසලානය සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩාමේ ආරක්ෂාව සමබන්ධයෙන් යළි සකලා බලන ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

පසුගිය පාස්කු ඉරිදා ඉස්ලාම් අන්තවාදීන් විසින් ශ‍්‍රී ලංකාවේ ස්ථාන රැසකට එල්ල කරන ලද ප‍්‍රහාරය හමුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ද ආරක්ෂාව පිළිබඳව යළි සලකා බැලිය යුතු බව ආරක්ෂක විශේෂඥයින්ගේ ද අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආරක්ෂක විශේෂඥයින් විසින් පෙන්වා දෙන්නේ ලෝක කුසලානයට සහභාගී වන සෑම කණ්ඩායමක් වෙනුවෙන් ම විශේෂ ආරක්ෂක සැලසුමක් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් සකස් කර තිබෙන නමුත් ශ‍්‍රී ලංකාව තුළ පසුගිය දා නිර්මාණය වූ වාතාවරණය හමුවේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි පසු විපරමක් කළ යුතු බවයි.

මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තමන් විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් කඩිනමින් ප‍්‍රතිචාර බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ එයාර් කොමදෝරු කනිෂ්ක කුලරත්න මහතා වන අතර ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව භාර කලමනාකරු ලෙසින් කටයුතු කළද එංගලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට එයාර් කොමදෝරු කනිෂ්ක කුලරත්න මහතා ඇතුළත් නොමැති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග කියයි.

Recommended For You

About the Author: Editor