
අම්පාර නින්දවුර් ප්‍රදේශයේ මාරගෙන මැරෙන බෝම්බකරුවන් කණ්ඩායමක් සිටින බවට ලද තොරතුරක් අනුව පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

එම සෝදිසි මෙහෙයුමේ දී අදාළ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා සවිකරන කුඩා යකඩ බෝල සවිකල තහඩුවක්, එම බෝඞ්වලට සවිකරන ස්විච්, ලියාපදිංචි නොකළ වෑන් රථයක්, උල් පිහියක් ඇතුළු භාණ්ඩ රැුසක් සොයා ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය විසින් අද දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.