
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසුව ද දිගින් දිගටම වර්ධනය වෙමින් පවතින ඉස්ලාම් අන්තවාදී තර්ජන හමුවේ ඉන්දීයාවේ සියලූම ප්‍රාන්තවල සහ වෙරළ තීරයේ ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.
මේ අනුව ඉන්දියාවේ තාක්ෂණ අග නුවර වශයෙන් සැලකෙන බැංගලෝරිහි සහ මයිසූර් ප්‍රාන්තවල ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු වී ඇත.
මේ දිනවල ඉන්දියාවේ මහ මැතිවරණය ද පැවැත්වෙන අතර ඒ සඳහා යොදවා ඇති ආරක්ෂාවට අමතරව මෙම නව ආරක්ෂක වැඩපිළිවෙළ දියත් කර ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරයි.