
ත්රස්තවාදී බෝම්බකරුවකු වන මොහොමඞ් සහරාන් නැමති පුද්ගලයාගේ රියැදුරු ලෙසට කටයුතු කර ඇති පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
මොහොමඞ් ෂරිෆ් ආදම්ලෙබ්බේ හෙවත් ‘ගෆූර්’ නැමති මෙම පුද්ගලයාව කාත්තණ්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.