
පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වූ ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන, අගමැති රනිල් වික්රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
කොළඹ අගරදගුරු මැදුරේ සහ බෝම්බ ප්රහාරයට ලක්වූ කොච්චිකඩය දේවස්ථානය ඉදිරිපිට දී පැවැත්වුණු මෙම විශේෂ මෙහෙයේ දී මිය ගිය සියලූ දෙනා සිහිපත් කරමින් ජනපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු පිරිස පහන් දල්වනු ලැබීය.

