
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 අප්‍රේල් මස 28 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව (‘ෆොනී’) 28 වන දින පෙ.ව. 02.30 වන විට පොතුවිල් සිට නැගෙනහිර දෙසින් කි.මී 670 පමණ දුරින් උතුරු අක්ෂාංශ 6.9 ත් නැගෙනහිර දේශාංශ 87.9 ත් ආසන්නව ස්ථානගතව පවතී. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඊළඟ පැය 24 තුල ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි අනුමාන කෙරේ. මෙම පද්ධතිය අප්‍රේල් මස 30 වන දින දක්වා නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කර ඉන් පසුව ක්‍රමයෙන් නැවත හැරී ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.
බස්නාහිර,දකුණු, සබරගමුව,වයඹ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු, බස්නාහිර, සහසබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක. සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණපසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන්ඉල්ලා සිටිනු ලැබේ.