‘ෆොනී’ඊළඟ පැය 24 තුල ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි අනුමාන

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද අද දිනයේ කාලගුණ අනාවැකිය.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව (‘ෆොනී’) 28වන දින පෙ.ව. 08.30 වන විට පොතුවිල් සිට නැගෙනහිර දෙසින් කි.මී 670 පමණ දුරින් උතුරු අක්ෂාංශ 7.3 ත් නැගෙනහිර දේශාංශ 87.9 ත් ආසන්නව ස්ථානගතව පවතී.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඊළඟ පැය 24 තුල ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි අනුමාන කෙරේ. මෙම පද්ධතිය අප්‍රේල් මස 30 වන දින දක්වා නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කර ඉන් පසුව ක්‍රමයෙන් නැවත හැරී ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් විටින්විට හමන පැ. කි. මි.60 දක්වා තද සුළං බලාපොරොත්තුවේ.

බස්නාහිර,දකුණු, සබරගමුව,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දකුණු, බස්නාහිර,වයඹ,මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව (‘ෆොනී’) 28 වන දින පෙ.ව. 08.30 වන විට පොතුවිල් සිට නැගෙනහිර දෙසින් කි.මී 670 පමණ දුරින් උතුරු අක්ෂාංශ 7.3 ත් නැගෙනහිර දේශාංශ 87.9 ත් ආසන්නව ස්ථානගතව පවතී. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඊළඟ පැය 24 තුල ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි අනුමාන කෙරේ. මෙම පද්ධතිය අප්‍රේල් මස 30 වන දින දක්වා නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කර ඉන්පසුව ක්‍රමයෙන් නැවත හැරී ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.

කොළඹ සිට ගාල්ල ,පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ වල තද වැසි ඇති විය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ.සුළගේ වේගය විටින් විට පැ.කි.මී 50-60 දක්වා වැඩි විය හැක.

ශ්‍රී ලංකාවට දකුණු, නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල පැ.කි.මී 70-80 දක්වා වන සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී 90 දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තුවේ. එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු සිට දළ රළු වේ (පද්ධතියේ කේන්ද්‍රයේ සිට කි.මී. (200-300) අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී 100 දක්වා වැඩි විය හැක).

ශ්‍රී ලංකාවට නැගෙනහිර, ගිනිකොණ, ඊසාන සහ උතුරු දෙසින් වන ගැඹුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරුධිවර සහ නාවුක කටයුතු වලින් වලකින ලෙස ධීවරයන්ට උපදෙස් දෙනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන්ඉල්ලා සිටිනු ලැබේ.

Recommended For You

About the Author: Editor