
ඉන්දීය මහ මැතිවරණයේ හතරවන අදියර සදහා ඡන්ද විමසීම අද (29) ආරම්භ විය.
අද පැවැත්වෙන මැතිවරණයේ සිවුවන වටය සඳහා ප්රාන්ත නවයක ආසන 72 ක් සදහා අපේක්ෂකයන් 957 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියර තුන තුළ මැතිවරණ කොට්ඨාස 302 ක් සදහා ඡන්ද පැවැත්වුණා. අවසන් අදියර තුනේදී ආසන 168 ක ඡන්දය ප්රකාශ කිරීමට නියමිතයි. ඡන්ද ගණන් කිරීම ආරම්භ වන්නේ මැයි 23 වනදායි.