කාලගුණ අනාවැකිය: දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 අප්‍රේල් මස 29 දින මධ්‍යහන 12. 00 ට නිකුත් කරන ලදි.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව (‘ෆොනී’) 29 වන දින පෙ.ව 08.30 වන විට මඩකලපුව සිට නැගෙනහිර දෙසින් කි.මී 580 පමණ දුරින් උතුරු අක්ෂාංශ 8.7 ත් නැගෙනහිර දේශාංශ 86.9 ත් ආසන්නව ස්ථානගතව පවතී.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඊළඟ පැය 24 තුල ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි අනුමාන කෙරේ. මෙම පද්ධතිය මැයි මස 01 වන දින දක්වා නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කර ඉන්පසුව ක්‍රමයෙන් නැවත හැරී ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.

ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල, අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක් පැවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වලත්විටින් විට හමන පැ.කි.මි.60 දක්වා තද සුළං බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ සමහර ස්ථාන වලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද සෙසු පළාත්වල මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල විටින් විටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ වල තදවැසි ඇති විය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ. සුළගේ වේගය විටින් විට පැ.කි.මී 50-60 දක්වා වැඩි විය හැක.

ශ්‍රී ලංකාවට දකුණු, ගිනිකොණ, නැගෙනහිර සහ ඊසාන දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල පැ.කි.මී 70-80 දක්වා වන සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී 100 දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තුවේ. එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු සිට දළ රළු වේ. පද්ධතියේ කේන්ද්‍රයේ සිට කි.මී. 300 දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී 120-150 දක්වා වැඩි විය හැක.

ශ්‍රී ලංකාවට නිරිත, දකුණු, ගිනිකොණ, නැගෙනහිර, ඊසාන සහ උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරුධිවර සහ නාවුක කටයුතු වලින් වලකින ලෙස ධීවරයන්ට උපදෙස් දෙනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ධීවර හා නාවුක ප්‍රජාවගෙන්ඉල්ලා සිටිනු ලැබේ.

Recommended For You

About the Author: Editor