ජිහාඩ් ත‍්‍රස්තවාදය අවසන් කිරිම සඳහා සියලු පියවර ගෙන අවසන් – අගමැති

ජිහාඩ් ත‍්‍රස්තවාදය අවසන් කිරිම සඳහා සියලු පියවර ගෙන ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මහතා ප‍්‍රකාශ කරයි.

ඊයේ කාදිනල් හිමිපානන් පැවැත්වූ දේව මෙහෙයට සහ කොච්චිකඩේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය ජනමාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අගමැතිවරයා මෙසේද ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී‍්‍රී ලංකාවේ බුද්ධි අංශ පසුගිය කාලයට වඩා ජාත්‍යන්තර බුද්ධි සේවා සමඟ ඉතා සහයෝගයෙන් හා ශක්තිමත්ව කටයුතු කරන බවයි වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන් අගමැතිවරයා විනාශකාරි හා කඩාකප්පල්කාරි ක‍්‍රියාවන්ට එරෙහිව දැඩි ලෙස කටයුතු කරගෙන යන බවද කීය. ඒ වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනා ඝාතනය කිරිම, මාවනැල්ලේ බුදු පිළිම කඩා දැමීම හා කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකුට වෙඩි තැබීම ඇතුළු ත‍්‍රස්ත ක‍්‍රියා කිහිපයක් ද සිහිපත් කරමින් වීසා නොමැතිව විවිධ අධ්‍යාපන ආයතනවල කටයුතු කරන විදේශ ගුරුවරුන් රටින් පිට කිරිමට පියවර ගන්නා බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ශ‍්‍රී ලාංකිකයන් විදේශවල ත‍්‍රස්ත කල්ලි සමඟ සම්බන්ධ වීමට එරෙහිව පියවර ගැනීමේ නීති ප‍්‍රතිපාදන නොමැති බවද සදහන් කළ අග‍්‍රාමාත්‍යවරයා ඒ එම හිඩැස පිරවීමට පියවර ගන්නා බව පෙන්වා දෙමින්මෙ වැනි අපරාධවලට යොමු වීමට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීති නොතිබීම බාධාවක් වූ බව ද පැවසීය. එම නීති සම්මත කර ගැනීමේ කෙටුම් පතක් පසුගිය වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් එහෙත් එය පාර්ලිමේන්තු කමිටුවක සිරවී තිබෙන බවත් අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වහාම එම පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට පියවර ගන්නා බවද අග‍්‍රාමාත්‍යවරයා සිය විශේෂ ප‍්‍රකාශයේදී අවධාරණය කළේය.

Recommended For You

About the Author: Editor