
දකුණු කේරළයේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලංකා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඇතිව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි ඉන්දීය ආරක්ෂක අංශ මේ පියවර ගෙන තිබෙන්නේ.
මේ අතර 15 දෙනකුගෙන් යුත් සන්නද්ධ කල්ලියක් දකුණු කේරළය වෙත පැමිණ ඇති බව ඉන්දීය බුද්ධි අංශ වාර්තා කර ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙය වූ බව කියන සහරාන් හෂීම් සමග සම්බන්ධතා පවත්වන අන්තවාදීන් බව ද හඳුනා ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරනවා.