පාස්කු ඉරිදා ප‍්‍රහාරවලට සැක 44ක් CID සහ 15ක් TID භාරයේ – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

පාස්කු ඉරිදා ප‍්‍රහාරවලට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් 69 දෙනාගෙන් 44 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ද තවත් 15 දෙනෙක් ත‍්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ ද රඳවා ගෙන ප‍්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී වැඩි දුරටත් කරුණු සඳහන් කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පාස්කු ඉරිදා ප‍්‍රහාරවලට සැකකරන අන්තවාදීන් 6 දෙනකුගේ ඡයාරූප මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කළ බවත් ඒ අතර කාන්තාවන් තිදෙනෙක් හා පිරිමින් තිදෙනෙක් සිටි බවත් ප‍්‍රකාශ කළේය. ඔවුන් හය දෙනාම මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔවුන්ගෙන් සිදු දෙනෙක් මරාගෙන මැරෙන ප‍්‍රහාර සමග ඝාතනය වී ඇතැයි ආරක්ෂක අංශ සැක කරන බව ද අත්‍යවශ්‍ය ලැයිස්තුවේ සිටි ප‍්‍රහාරයේ මොළකරු වන සහරාන් හෂීම්ගේ බිරිය පසුගිය දා සයින්දමරදු ප‍්‍රදේශයේ නිවස තුළ ඇති වූ පිපිරීමෙන් තුවලා ලබා කල්මුනේ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන් කළේය.

මෙම සැකකරුවන්ගෙන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දෙහිවල බෝම්බයට සැකපිට බව ද සඳහන් කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා අනෙක් 8 දෙනා ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට බාරදුන් සැකකරුවන් බව ද සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රේගේඩියර් සුමිත් අතපත්තු මහතා කියා සිටියේ දිවයින පුරා ආරක්ෂාවට සේනාංක 7 ක් යටතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

Recommended For You

About the Author: Editor