මහාචාර්ය සාගර කාරුණාතිලක නොබෙල් ත්‍යාගය සඳහා නිර්දේශ වේ

මාලබේ ඔස්ටියෝ ක්ලිනික් අධිපති මහාචාර්ය සාගර කාරුණාතිලක මහතා නොබෙල් ත්‍යාගය සඳහා නිර්දේශ වී ඇත. සිය පර්යේෂණ ඔස්සේ ඔස්ටියෝපති හා හීලින්පති වෛද්‍ය ක්‍රම ලොවට හඳුන්වා දෙමින් ශල්‍යකර්ම හා ඹෟෂධ භාවිතයෙන් තොරව රෝගීන් සුවපත් කළ හැකි බව ඔහු පළමු වරට ලොවට හඳුන්වා දුන්නේය. කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග සඳහා හීලින්පති හා ඔස්ටියෝපති ක්‍රමවලින් ප්‍රතිකාර කරන මහාචාර්ය සාගර කරුණාතිලක මහතා මේ වන විට මෙරට මෙන්ම පිටරටද රෝගීන් දහස් ගණනක් සුවපත් කර ඇත.

වසර ගණනාවක් පුරා එංගලන්තයේ විවිධ පර්යේෂණ සිදු කරමින් නව සොයා ගැනීම් කළ මහාචාර්ය සාගර කරුණාතිලක මහතා ප්‍රංශය, ජර්මනිය, නොර්වේ, ස්වීඩනය, ග්‍රීසිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව ඇතුළු බටහිර හා යුරෝපීය රටවල සිය වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කර තිබේ. මාලබේ අතුරුගිරිය පාරේ පිහිටි ඔස්ටියෝ ක්ලිනික් ආයතනයේ සිට රට පුරා සිටින රෝගීන්ට සහනය උදා කරන මහාචාර්ය සාගර කාරුණාතිලක මහතාට එංගලන්තයෙන් නයිට් පදවි දෙකක්ද හිමි වී තිබේ.

“මේ සම්මානය සඳහා මා නිර්දේශ වී ඇති බව දැන ගත් විට මට විශාල අභිමානයක් හා සතුටක් ඇති වුණා. මෙය මට මෙන්ම අපේ රටටද විශාල අඩම්බරයක්. නව සොයා ගැනීම් සිදු කරමින් රෝගීන්ට සහනය සලසමින් මා ගෙන යන නිහඬ සේවයට සිදු කරන උපහාරයක් ලෙස මෙය හැඳින්විය හැකියි. හීලින්පති හා ඔස්ටියෝපති වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා මම විශාල කැප කිරීමක් සිදු කර තිබෙනවා. ඒ හරහා සුව වූ රෝගීන් දකින විට මට ඇති වන්නේ විශාල ආත්ම තෘප්තියක්.” මහාචාර්ය සාගර කාරුණාතිලක මහතා අදහස් දක්වමින් එසේ පැවසීය.

Recommended For You

About the Author: Editor