ලෝක කුසලානයේ තරග තීරක ධූරයක් සහ විනිසුරු ධුර දෙකක් ශ‍්‍රී ලංකාවට

එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන තරග තීරකවරුන් සහ විනිසුරුවරුන්ගේ නම් පසුගිය 26 වැනිදා අන්තර්ජාතික ක‍්‍රිකට් ආයතනය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති අතර එහි තරග තීරකයෙක් ලෙස රන්ජන් මඬුගල්ල සහ විනිසුරුවරුන් ලෙස කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ පත්කර ඇත.

අයී.සී.සීය විසින් ප‍්‍රකාශයට පත්කර ඇති විනිසුරුවරුන් වන්නේ, අලීම් ඩාර් (පාකිස්ථානය)කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලයගුරුගේ (ශ‍්‍රී ලංකාව ) මරායස් එරස්මස් (ද.අප‍්‍රිකාව-) ක‍්‍රිස් ෆොනි (නවසීලන්තය) ඉයන් ගෝල්ඞ් (එංගලන්තය)රිචඞ් ඉලින්ග්වෝත් (එංගලන්තය) රිචඞ් කෙට්ල්බ්‍රෝ (එංගලන්තය) නයිජල් ලෝන්ග් (එංගලන්තය) බෘස් ඔක්ස්ෆොඞ් ( ඕස්ටේ‍්‍රලියාව) සුන්දරම් රවි (ඉන්දියාව) ලෝල් රයිෆල් ( ඕස්ටේ‍්‍රලියාව) රූට් ටකර් ( ඕස්ටේ‍්‍රලියාව) ජොයොල් විල්සන් (බටහිර ඉන්දිය කොදෙව්) මයිකල් ගෝච් (එංගලන්තය) පොල් විල්සන් ( ඕස්ටේ‍්‍රලියාව)

තරග තීරකයින් ලෙස – රන්ජන් මඬුගල්ල (ශ‍්‍රී ලංකාව) ක‍්‍රිස් බ්‍රෝඞ් (එංගලන්ත) ඬේව්ඞ් බූන් (ඔස්ටේ‍්‍රලියාව) ඇන්ඩි ෆ‍්‍රයික්‍රොෆ්ටට් (සිම්බාබ්වේ) ජෙෆ් ක්‍රෝච් (නවසීලන්තය) සහ රිච් රිචඞ්සන් (බටහිර ඉන්දිය කොදෙව්)

මේ අතර අයි.සී.සී වාර්තා කියන්නේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සහභාගී වන විනිසුරුවරුන් සහ තරග තීරකයින් මූලික වටයේ (ලීග්) තරග අවසන් වූ පසු නම් කරන බවත් අවසන් මහා තරගයට සහභාගී වන විනිසුරුවරුන් දෙදෙනා සහ තරග තීරකවරයා අවසන් පූර්ව වටය අවසන් වූ පසු නම් කරන බවත් අයි.සී.සී ය වාර්තා කරයි.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor