
පසුගිය දින කිහිපය තුළ සිදුකළ මෙහෙයුම්වලදී ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි පුද්ගලයින් 13 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය මේ බව සඳහන් වේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 12 දෙනකු පිරිමින් වන අතර තායිලන්ත ජාතික (38) කාන්තාවක් ද වේ.
සැකකරුවන්ගෙන් 10 දෙනකු නයිජීරියානු ජාතිකයින් වන අතර ඉන්දීය සහ ඉරාන ජාතිකයෙක්ද ඒ අතර සිටින බව මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.