
ෆොනි චණ්ඩ මාරුතයෙන් එල්ලවිය හැකි බලපෑම් අවම කිරිම සදහා මූලික කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිලධාරින්ගෙන් විශේෂ ඉල්ලිමක් කරයි.
මධ්‍යම ආණ්ඩුවේ සහ ප්‍රාන්ත සභාවල ඒකාබද්ධ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරිම මෙහි අරමුණ වන අතර මේ වනවිටත් තමිල්නාඩුවට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත. තවත් ප්‍රදේශ රැසකට කහ නිවේදනයක් නිකුත් කර ඇති බව කාලගුණ විද්‍යා බලධාරින් ප්‍රකාශ කරති.
ධීවරයන් සහ නාවිකයන්ට ද ඔවුන් අනතුරු ඇඟවිම් නිකුත් කර තිබෙන තිබෙන අතර හදිසි සහන සැලසිම් සදහා සියලු කණ්ඩායම් සූදානම් කර ඇතැයි බලධාරීහූ පවසති.