
පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග රට තුළ උද්ගතව පවතින වාතාවරණය හමුවේ මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම පිණිස කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් මැයි රැළි හෝ පෙළපාලි නොපවත්වන බව වාර්තා වේ.
එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මැයි 01 දා පෙ.ව 10.00ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මැයි දින සැමරුමක් පවත්වන බව වාර්තා වේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණක් තම මැයි දින සැමරුම නුගේගෝඩ ආනන්ද සමරකෝන් රඟහල ඉදිරිපිටදී පවත් වන බව නිවේදනය කර ඇති අතර CMU මැයි දින සැමරුම කොල්ලූපිටිය පිහිටි එම පක්ෂ කාර්යාලයේදී ද දෙමළ ජාතික සන්ධානයේ මැයි දින සමරුව කිළිනොච්චියේ දී ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.