රාජ්‍ය ආයතවල 2019 ඇස්තමේන්තු ගත ප‍්‍රතිපාදන කපා දැමීම ඇරඹේ

2019 අයවැය ලේඛනය මගින් සියලූම රාජ්‍ය ආයතන වෙත වෙන් කරන ලද ප‍්‍රතිපාදනවලින් සියයට 10ක පමණ ප‍්‍රතිශතයක් වහාම කපා හැරීම පිණිස පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශය සියලූම රාජ්‍ය ආයතන වෙත දන්නා යවා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වෙතින් ‘lankaepress.com’ වෙත වාර්තා වේ.

මෙම තත්ත්වය පසුගිය පාස්කු ප‍්‍රහාර සමග තව දුරටත් තීව‍්‍රර විය හැකි බව බව ද සඳහන් වේ.

විශේෂයෙන් පාස්කු ඉරිදා ප‍්‍රහාරය මගින් සංචාරක ව්‍යාපාරයේ කෙටි කාලීනව දැඩි බිඳ වැටීමක් සිදුව ඇති අතර එමගින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ මුදල් අහිමි වෙතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද පසුගිය දා ප‍්‍රකාශ කර තිබුණි.

ආර්ථික විශේෂඥයින්ගේ අදහස වන්නේ ද කෙටි කාලීනව සංචාරක ව්‍යාපාරය ආශ‍්‍රිතව සැලකිය යුතු බිඳ වැටීමක් සිදුවිය හැකි බවත් එය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් වනු ඇති බවත්ය.

මේ අතර ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් පසුගිය දා උත්සව සහ විදේශ සංචාර සඳහා යන වියදම් කපා හැරීමට නියෝග කර ඇතැයි වාර්තා වේ. අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් විදේශ සංචාර සඳහා සහභාගී වන ලෙසත්, එවැනි අවස්ථාවලදී ගෙවන ප‍්‍රතිපාදන සීමා කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නියම කර ඇතැයි ද වාර්තා වේ.

Recommended For You

About the Author: Editor