‘ෆොනී’ ඉන්දියාවේ ඔඩිස්සා වෙරළ දෙසට යයි


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 අප්‍රේල් මස 30 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින ඉතා චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) අද (30) දින පෙ.ව 05.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 670 පමණ දුරින් ස්ථානගතව පවතී. මෙම පද්ධතිය ඉදිරි පැය 36 තුලදී අතිශයින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර මැයි මස 01 දිනට පසු උතුරට බරව ඊසාන දෙසට ගමන් කර ඉන්දියාවේ ඔඩිස්සා වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.

දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක්තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් උතුරුඋතුරුමැදඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වලත්විටින් විට හමන පැ.කි.මි.60 දක්වා තද සුළං බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව, සබරගමුව, මධ්‍යම,දකුණු, බස්නාහිර සහවයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී.150  වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද සෙසුපළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් මුහුදු ප්‍රදේශ වල තදවැසි ඇති විය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 35-45 පමණ වේ.සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60-70 දක්වා වැඩි විය හැක.

පුත්තලම සිට කන්කසන්තුරය සහ මඩකළපුව හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල පැ.කි.මී 70-80 දක්වා වන සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී 100 දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තුවේ. එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු සිට දළ රළු වේ.

සුළි කුණාටු පද්ධතියේ කේන්ද්‍රයේ සිට කි.මී. 300 දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී 130-140 දක්වා වැඩි විය හැක.

ශ්‍රී ලංකාවට උතුරු, වයඹ, ඊසාන, නිරිත, දකුණු, ගිනිකොණ සහ නැගෙනහිර, දෙසින් වන මුහුදු ප්‍රදේශවලනැවත දැනුම්දෙන තුරු ධිවර සහ නාවුක කටයුතු වලින් වලකින ලෙස උපදෙස් දෙනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන්ඉල්ලා සිටිනු ලැබේ.

Recommended For You

About the Author: Editor