
පසුගිය 30 වැනිදා රැුස් වූ කැබිනට් මණ්ඩලය රටේ විවිධ අංශයන්ට අයත් තීරණ 31ක් ගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
- නේපාලයේ ආනන්ද කුටි විහාරය සහ රාචෝ මචින්ද්‍රනාත් හින්දු කෝවිල ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය.
2.1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ පරිපාලන කටයුතු රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත පැවරීම. - කොළඹ විශ්විවද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙනුවෙන් ඉදිකරනු ලබන මහල් 17ක ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 5000ක අරමුදල් පහසුකම් සලසා දීම.
- 2018 මූල්‍ය වර්ෂයට අදාළ හිඟ බැඳීම් නිරවුල් කිරීම.
- ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අතිරේක මුදල් ප්‍රතිපාදන ලබාදීම.
- හැඩඔය බහුකාර්ය ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලීම.
- බෝ නොවන රෝග වළක්වා ගැනීම පිළිබඳව බහු පාර්ශ්වීය ක්‍රියාකාරී සැලැස්ම 2016-2020
- කලූතර දිස්ත්‍රික් මහ රෝහල සංවර්ධනය කිරීම.
- මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම.
- වරාය නගර භූමිය විශේෂ කලාපයක් ලෙස පවත්වා ගෙන යාම.
- කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකා රජය, පෝට් සිටි කළම්බු සමාගම සහ චීන සංවර්ධන බැංකුව අතර ගිවිසුමකට එළඹීම.
- ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම.
- තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීම.
- දේශගුණික අවබලපෑම් අවම කිරීමේ වැඩසටහන.
- බේරේ වැව ආශ්රිත සංවර්ධන ප්‍රදේශයේ මහල් නිවාස ඉදිකිරීම.
- ‘‘ජාතික ගොඩනැගිලි සංග්‍රහය’’ පිළියෙළ කිරීම.
- ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
- ළමයා සහ තරුණ තැනැත්තා අර්ථකථනය කිරීම සඳහා පනත් සංශෝධනය කිරීම.
- ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත නව මිශ්‍ර ජාතික පාසලක් මීරිගම ප්‍රදේශයේ පිහිටුවීම.
- පාසල් සඳහා පරිගණක පහසුකම් සැලසීම.
- උෂ්ණත්ව පාලිත ගබඩා සංකීර්ණයක් දඹුල්ලේ ඉදිකිරීම.
- ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම.
- මන්නාරම සහ නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
- කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා ඉදිකරන නව ගොඩනැගිල්ලේ වැඩ අවසන් කිරීම.
- ජා-ඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව පස් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සඳහා උපදේශන සේවාවාන් ප්‍රසම්පාදනය කිරීම.
- අල්ලස් හෝ ¥ෂණ තුරන් කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීම.
- පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම චේතනය ඉහළ නැංවීම.
- ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 සඳහා වන වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
- ගුවන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම.
- සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා යෝජනා ලබා ගැනීම.