කාලගුණ අනාවැකිය: අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක් තවදුරටත්


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 මැයි මස 01 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

මධ්‍ය-බටහිර සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) මැයි 01 වන දින උදෑසන 05.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී. 670 පමණ දුරින් ස්ථානගතව පවතී. මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කර ඉන්දියාවේ ඔඩිස්සා වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.

දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක් තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් උතුරු, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි.60 දක්වා තද සුළං බලාපොරොත්තුවේ.

දිවයිනේ සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, ඌව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.100 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් මුහුදු ප්‍රදේශ වල තද වැසි ඇති විය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 35-45 පමණ වේ. සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60 දක්වා වැඩි විය හැක.

මන්නාරම සිට කන්කසන්තුරය සහ මඩකළපුව හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 70-80 දක්වා වන සුළං බලාපොරොත්තුවේ. මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 100 දක්වා වන ප්‍රහාරාත්මක සුළං සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු සිට දළ රළු වේ.

සුළි කුණාටු පද්ධතියේ කේන්ද්‍රයේ සිට කි.මී. 300 දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී 150-160 දක්වා වන අතර විටින් විට පැ.කි.මී 200 දක්වා වැඩි විය හැක.

ශ්‍රී ලංකාවට උතුරු, නැගෙනහිර, ඊසාන, ගිනිකොණ සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධිවර කටයුතු වලින් වලකින ලෙස උපදෙස් දෙනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ධීවර හා නාවුක ප්‍රජාවගෙන්ඉල්ලා සිටිනු ලැබේ.

Recommended For You

About the Author: Editor