මධ්‍යම පළාතේ සූපවේදීන්ගේ හමුවක්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කිරි නිෂ්පාදනවලින් 100% ක දායකත්වය සපයන පැලවත්ත කිරි නිෂ්පාදන සමාගම මධ්‍යම පළාතේ සූපවේදීන්ගේ හමුවේ සාඩම්බර අනුග්‍රාහක දායකත්වය දරයි. නුවර අමායා හිල්ස් හි පැවැත්වුණු මේ උළෙල මධ්‍යම පළාතේ වෙසෙන සූප ශාස්ත්‍ර ශිල්පීන්ගෙන් මාධ්‍ය සාකච්ඡාවකින්, ඉවුම් පිහුම් ප්‍රදර්ශනයකින් සහ දිවා අහාර වේලකින් වර්ණවත් විය.

මාධ්‍ය සාකච්ඡාවේ මුලසුන දැරුවේ සූප ශාස්ත්‍ර කුසලතා පරිපුන් චෙෆ්ස් ගිල්ඩ් ලංකා හී සභාපති වන ජෙරාඩ් මෙන්ඩිස් මහතා, චෙෆ්ස් ගිල්ඩ් ලංකා හී ප්‍රධාන කමිටු සාමාජික සහ නුවරඑළිය ග්‍රෑන්ඩ් හොටෙල් හී ප්‍රධාන සූපවේදී ප්‍රියන්ත වීරසිංහ මහතා, නුවරඑළිය චෙෆ්ස් ගිල්ඩ් උපදේශක ප්‍රධාන සූපවේදී ට්‍රාවෝ, චෙෆ්ස් ගිල්ඩ්හී නුවර උපසභාපතිතුමන් වන ප්‍රධාන සූපවේදී සංජය මාරසිංහ (ඕසෝ හෝටලය, නුවර) ,චෙෆ්ස් ගිල්ඩ් භාණ්ඩාගාරික නුවර එළිය ප්‍රධාන සූපවේදී සුරංග තෝමස් (තිලංකා හෝටලය, නුවර) සහ අමායා හිල්ස් හී ප්‍රධාන සූපවේදී පාලිත වීරසේකර යන මහත්මාවරුන්ය.

අනුග්‍රාහකභවතුන් නියෝජනය කරමින් මෙම උත්සවයට සහභාගී වූයේ අමායා හිල්ස් හී නේවාසික භාර කළමනාකාරු රුෂ්ඩි රහීම් මහතා, පැලවත්ත ඩේරි හී නියෝජ්‍ය කලමණාකරු සුසන්ත මල්වත්ත සහ පැලවත්ත ඩේරි හී සහය කළමණාකරු රසීක් ඩෝල් මහතායි.

Recommended For You

About the Author: Editor