
ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ 26 වන ගුණසමරු උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන කොළඹ අළුත්කඩේ උසාවිය අසල, ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ පිළිරුව අභියස දී පැවැත්වුණි.

ප්‍රථමයෙන් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව මහා සංඝරත්නය ප්රමුඛ සර්ව ආගමික පූජකවරුන්ට පිරිකර පූජා කිරීම ජනාධිපතිතුමන්, අගමැතිතුමන් සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පවුලේ ඥාතීන් විසින් සිදු කෙරුණි.
දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාණන් සිහිපත් කරමින් සහ පසුගියදා රට තුළ සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියාකලාපයන් හේතුවෙන් මියගිය සියලුම ජනකොටස් සිහිපත් කරමින් විනාඩියක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ උත්මාචාරාය සිදු කෙරුණි.
දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාණන්ගේ පිළිරුවට කොළඹ පුරපතිනී රෝසි සේනානායක මැතිණිය විසින් මල්දම පැළඳවා ජාතියේ උපහාරය පිරිනැමීමෙන් පසුව ජනාධිපතිතුමාණන්, අග්රාමාත්යතුමාණන්, කතානායකතුමාණන්, හේමා ප්‍රේමදාස මැතිණිය, නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමන්, දුලාංජලී ප්‍රේමදාස මැතිණිය, ජලනි ප්‍රේමදාස මැතිණිය ඇතුලු පවුලේ සියලු දෙනා පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීම සිදු කෙරුණි.
මෙම අවස්ථාවට මැති ඇමැතිවරු ප්රමුඛ විශාල පිරිසක් සහභාගී වූහ.