
ඊයේ (30) පැවැති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 27,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
එහි වැඩි දුරටත් සඳහන් වන්නේ මේ සඳහා රුපියල් මිලියන 87,374ක ලංසු ලැබුණු බවයි. පිළිගත් ලංසු ප්‍රමාණය රුපියල් මිලියන 27,000ක් බවත් පසුගිය වෙන්දේසියට වඩා මෙවර වෙන්දේසියේ දී බරතබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතික ප්‍රතිශතය පහළ අගයක් ගත් බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.