
ළමයින් හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත සහ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුුකෝරාළ මහත්මිය ඊයේ (30) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට එහි අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකාවේ විවිධ පනත් තුළ ළමයා සහ තරුණ තැනැත්තා යන්නට විවිධ අර්ථ නිරූපණ පැවතවීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලූ සැලකිල්ලට ගෙන, ළමයෙකු යන වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙස අර්ථ නිරූපණය කිරීම සඳහා ‘ළමයින් හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත’ත්, තරුණ තැනැත්තෙකු යනු වයස අවුරුදු 18-22 අතර තැනැත්තෙකු ලෙස අර්ථ නිරූපණය කිරීම සඳහා ‘තරුණ වරදකරුවන් (පුහුණු පාසල්* පිළිබඳ පනත ද මේ අනුව සංශෝධනය වනු ඇත