
පවතින කාලගුණික තත්වය තුළ මැයි මස 02 දින සිට මැයි මස 04 දින දක්වා මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 සිට 3.5 ක් දක්වා (මෙය ගොඩබිමට පැමිණිය හැකි රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
එම ප්‍රදේශවල මුහුද රළු විය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දන්වා ඇත.
මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන කලාපයේ වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව, ධිවර සහ නාවුක කටයුතුවල නිරත වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් සිටින ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වේ.